අපගේ දැක්ම

ස්වාධින ‍සේවයක් – ගුණාත්මක නගරයක්

අපගේ මෙහෙවර

නාගරික ප්‍රජාවගේ දැනුම, කුසලතා හා ආකල්ප එකතු කර ගනිමින්, ඔවුනගේ සහභාගීත්වය ඇතිව, අප සතු සම්පත් කාර්යක්ෂමව හා ඵලදායී ලෙස හසුරුවමින් තිරසාර සංවර්ධනයක් ඇතිවන අයුරින්, නගරය හා ප්‍රජාව ‍ භෞතිකව හා අධ්‍යාත්මිකව ගොඩනැගීමට‍ ඇප කැප වී ක්‍රියා කිරීම.

ගරු සභාපතිතුමාගේ පණිවිඩය

ගෝලීයකරණයත් සමග විශ්ව ගම්මානයක් වූ ලෝකය හා  උරෙනුර ගැටෙමින් මාගේ බල ප්‍රදේශයේ ප්‍රජාවට නිවසේ සිට කොළොන්නාව නගර සභාව සමග කටයුතු කිරීමට මාගේ පාලන කාලය තුළ නගර සභාව වෙනුවෙන් වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට හැකිවීම මා ලද භාග්‍යයකි.

එතෙර මෙතෙර සිටින කොළොන්නාව බල ප්‍රදේශයේ ජනී ජනයා හට බල ප්‍රදේශයේ එදිනෙදා සංවර්ධන කටයුතු සහ සමාජයීය දේශපාලනික කටයුතු පිළිබඳව දැනුවත් කිරීමට මෙම වෙබ් අඩවිය මහගු පිට‍ුවහලක් වේ යැයි අපේක්ෂා කරමි.

යහපත් මානව සම්බන්ධතාවක් ගොඩනගා ගැනීමට මෙම වෙබ් අඩවිය තුලින් හැකිවේවායි මාගේ හද පිරි සුභාශිංෂන එක් කරමි.

වි.එස්.ගුත්තිල සිල්වා.
සභාපති,
කොළොන්නාව නගර සභාව.

© 2019 කොළොන්නාව නගර සභාව. අවසන්වරට යාවත්කාලින කලේ : [last-modified]. නිර්මාණය : ITRDA - powered by Enfold WordPress Theme